ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත විදුලි බිල සංශෝධනයේ දී යම් ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා,.
එම විදුලිබිල සංශෝධනයට එකතු කළ අගය මත බද්දෙහි (VAT) කිසිදු බලපෑමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා..
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.
එසේම මේ වන විට ගැසට් කර තිබෙන යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පතයෝජිත නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් යෝජනා හා අදහස් අද සිට ජනවාරි මස 03 වනදා දක්වා ලිඛිතව ඔවුන් වෙත ලබා දිය හැකි බව ද අමාත්‍යවරයා විසින් මෙහි දී සඳහන් කරනු ලැබුවා.

