කාන්තාවන් හා ළමයින් මුහුණදෙන හිරිහැර සහ පීඩාවන් සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පොලිසිය ක්ෂණික දුරකථන අංකයක් ජනවාරි 01වනදා සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
එම වැඩපිළිවෙල විෂය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම පරිදි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනවා.
පොලිස් කාන්තා නිලධාරිනියන් මගින් පැය 24 පුරාම ක්‍රියාත්මක කරන මෙම ඇමතුම් මධ්‍යස්ථානය හරහා කාන්තාවන්ට හා ළමයින්ට වඩාත් විශ්වාසනීය ලෙස සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි වනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ක්ෂණික දුරකථන අංකය මගින් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ඕනෑම භාෂාවකින් තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දැනුම් දීමේ හැකියාව පවතින බවයි.

