උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 110 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඔවුන් සඳහන් කරන්නේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කර දියත් කරන ලද ප්‍රහාරයක් ලෙසයි.
දිගුකාලීන සරණාගත කඳවුරක් වන ජබාලියා ගාසා තීරයේ උතුරේ පිහිටා ඇති අතර යුද්ධය ආරම්භ වූ කාලයේ සිට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් සිවිල් වැසියන්ට අනතුරු අඟවනු ලැබුවා.
මේ වන විට එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් යළිත් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් වඩාත් දැඩි කරමින් සිදු කරමින් සිටිනවා.
හමාස් සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ යුද්ධය හේතුවෙන් දැනට පලස්තීන වැසියන් 19,400 කට වැඩි පිරිසක් මිය ගොස් 52,000 ක් තුවාල ලබා ඇති බවයි.

