පෞද්ගලීකරණයට එරෙහිව මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපිය නිල වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

පසුගිය වසරවල MILCO සමාගම ලාභ ඉපයූ බව ඔප්පු වී තිබියදීත් එය පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු සිය ලිපියේ කනස්සල්ල පළ කර තිබෙනවා.

අනෙකුත් වෙළඳපල තරඟකරුවන්ට සාපේක්ෂව මිල්කෝ විසින් වඩාත් දැරිය හැකි මිලකට කිරිපිටි අඛණ්ඩව ලබා දීම සහ දේශීය කිරි ගොවීන්ට සහය දැක්වීම සිදු කරන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

රජයේ ප්‍රතිපත්ති තීරණයක් අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිම තුළ ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බැවින් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේණුක පෙරේරා මහතා මුදල් ලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ සඳහන්ව තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,