හෙද සත්කාර සේවාව සඳහා වූ සම්මුඛ පරීක්ෂණ ලබන 13වන දා සිට

රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව 2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත්වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම්පත් යොමුකරන ලද අයදුම්කරුවන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කිරීම මෙහි දී සිදු කරනු ලබනවා.

සම්මුඛ පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සහ දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබන 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මේ සඳහා හාර දහසකට අධික පිරිසක් අයදුම්කර තිබෙන බව වාර්තා වෙනවා.