බිත්තර මිලියන 15ක් අද දිවයිනට

මාස 04ක කාලයක් සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර හිමී වීමෙන් පසු උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තර මිලියන 15ක් අද (17) දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එසේම දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක්ද අද දිනයේ සතොස ආයතන වෙත නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරනවා.

මෙම මස මුලදී රුපියල් 40ත් 50ත් අතර මිලකට පැවතුණද අද වන විට වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55ත් 65ත් අතර මිලකටය

මෙම මිල ගණන් අඩු කරන ලෙසට නිෂ්පාදකයින් වෙත අමාත්‍යවරයා දැනුම්දීමක් සිදුකළත් එය සිදුනොවීමත් සමග ඉදිරි මාස 04ක කාලයක් සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අමාත්‍යවරයා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දෙනු ලැබුවා.