2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ පාසල්වල අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල මෙන්ම පිරිවෙන්වල ද 2024 පෙබරවාරි 19 වැනිදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියරද, අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා පළමු වාරයේ දෙවැනි අදියර ද ක්‍රියාත්මක වනු ඇත.
එසේම 2024 ජුනි 10 වැනිදා සිට 25 වැනිදා දක්වා පළමු වාරයේ තෙවැනි අදියර ක්‍රියාත්මක වීමට නියමිතයි.
2024 දෙවැනි පාසල් වාරය ජූලි මස 01 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වනවා.
තෙවන පාසල් වාරයේ පළමු වන අදියරය 2024 සැප්තැම්බර් 23 වන දින ආරම්භ වී 2024 නොවැම්බර් 22 වැනිදා අවසන් වෙනවා.
එසේම තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ වී එම මාසයේම 31 වැනිදා අවසන් වීමට නියමිතයි.
2024 අධ්‍යන වර්ෂය සඳහා මුස්ලිම් පාසල් පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහි දී සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මුස්ලිම් පාසල් වල පළමු වාරයේ පළමු වන අදියර 2024 පෙබරවාරි මස 19 වැනිදා සිට මාර්තු 07 වැනිදා දක්වාද, දෙවැනි අදියර අප්‍රේල් 15 සිට මැයි 03 වැනිදා දක්වාද ක්‍රියාත්මක වෙනවා.
එමෙන්ම පළමු වාරයේ තෙවැනි අදියර 2024 ජුනි 10 වැනිදා ආරම්භ වී ජූලි 05 වැනිදා අවසන් වනු ඇත.
2024 දෙවැනි පාසල් වාරය ජූලි 08 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් 13 වැනිදා අවසන් වීමට නියමිතයි.
තෙවැනි වාරයේ පළමුවන අදියරය 2024 සැප්තැම්බර් මස 23 වැනිදා ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.
මුස්ලිම් පාසල් වල තෙවැනි වාරයේ දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා සිට එම මාසයේ 31 වැනිදා දක්වා පැවැත්වෙනු ලබනවා.

