2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී ඇතැයි වාර්තා වෙනවා.
වෙළෙඳපොළේ බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම තීරණයට එළැඹුණ බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
ඒ අනුව ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 35ක මිලකට පාරිභෝගිකයාට ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන
බව යි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
එසේම මේ වන විට ආනයනය කර ඇති බිත්තර නත්තල් සමය සඳහා වෙළෙඳපොළට නිකුත් කිරීමට ද බලාපොත්තු වන බව සඳහන්.

