ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත් වී තිබෙනවා.
අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම පක්ෂ නායකත්වයට යෝජනා කරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථීර කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ නැවතත් එහි නායකයා ලෙස පත් කරනු ලැබුවා.
මේ අතර අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මෙම සම්මේලනය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.
නොයෙක් තර්ජන මධ්‍යයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි හෙතෙම ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා

