සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද නව ශරීර සුවතා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් විවෘත කර තිබෙනවා.
එහි කාර්ය මණ්ඩලයේ ශරීර සුවතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම මෙම ඒකකයේ අරමුණ බවයි පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍යාධාර මත මෙම ශරීර සුවතා ඒකකය ස්ථාපිත කර තිබෙනවා.

