ඉන්දීය පාර්ලිමේන්තුවට අනවසරයෙක් කඩා වැදුණු දෙපිරිසක් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම මෙලෙස සභාගර්භය මධ්‍යයට කඩා වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.
අවුරුදු 22කට පෙර (2001) අද (13) වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවැනිම ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සංවත්සරය සැමරුමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවටයි සැක පළ කරන්නේ.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14 දෙනෙක් මිය ගියා.
මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2 දක්වා කල් තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිල්ලි පොලිසිය වැඩිදුරටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

