බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර වල උපරිම සිල්ලර මිල රුපියල් 9,000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පොහොර සමාගම් සහ කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී යි.
එහි දී මෙවර මහකන්නයේ දී ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.
බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් සතුව දැනට පවතින අතර, යූරියා පොහොර ද සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බව සඳහන්.

