ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක්

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බවත් මේ වන විට අදාළ කෙටුම්පත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම වෙනුවෙන් යොමු කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවසනවා.

එසේම ධීවර කටයුතුවල නිරත වන බෝට්ටුවලට බැටරි මෝටර් යොදා ගැනීම තුළින් ධීවරයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුවන බව ද එමඟින් ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබුවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.