තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින්, කෘෂිකර්මය නවීකරණය කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එසේම ඉතිහාසයේ පළමු වතාවට වගා හානි සිදු වී මාස දෙකක් ඇතුළත වන්දි ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශයටත් ප්‍රශංසාව හිමි විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.
කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීමට අදාළ වැය ශීර්ෂ විවාදය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර එහි දී අනෙක් අමාත්‍යාංශවලට සාපේක්ෂව අඩු චෝදනා ප්‍රමාණයක් කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශය වෙත ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

