නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්රිය තත්ත්වයේ පවතින එක් ජනන යන්ත්රයක් අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව අද (11) පද්ධතියට එක්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
එම බලාගාරයේ ජනන යන්ත්ර ත්රිත්වයම ඊයේ (10) පස්වරුව වන විට අක්රීය තත්වයේ තිබු අතර එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් ආරම්භ කර තිබුණි.
ජනන යන්ත්ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පෙරේදා දිනයේ දී අක්රීය කර තිබු අතර සිදුවු විදුලි විසන්ධි වීම සමඟ අනෙක් ජනන යන්ත්රය ද අක්රීය තත්ත්වට පත් වුණා.
ඒ අනුව අලුත්වැඩියා කාර්යයෙන් අනතුරුව අක්රීය මට්ටමේ පැවති එක් ජනන යන්ත්රයක් සක්රීය කිරීමෙන් අනතුරුව අද විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ.
ජල විදුලි උත්පාදනය මේ වන විට පුර්ණ වශයෙන් සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ජාතික විදුලි සැපයුමට බාධාවක් නොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

