කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල් මේ මස 31ට පෙර – ඇමති ප්‍රසන්න

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් සිය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 1,989 ක මුදලක් මේ මස 31 වැනිදාට පෙර ගෙවා අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එසේම මේ වසරේ සිදු කළ සංවර්ධන කටයුතු වෙනුවෙන් කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට ඇති රුපියල් මිලියන 1,112 ක මුදල ද මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිකිරීම් කර්මාන්තය සඳහා වෙන් වුණු නව සංවර්ධන බැංකුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවක්ද ඉදිරිපත් වී ඇති බව යි ඔහු මෙහි දී අවධාරණය කළේ