රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කරයි

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීමත් සමගයි.

ගෙළිඔය සහ ගම්පොළ අතරත් දෙමෝදර සහ හාලිඇළ අතරත් ස්ථාන දෙකක පස් කඳු මෙලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති බව වාර්තා වෙනවා.