දිවයින පුරා විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට

මේ වන දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදු වුණා.

එම බිඳ වැටීම ක්‍රමානුකුලව කොටස් වශයෙන් යළි යථා තත්ත්වයට පත් කළ අතර ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා ම විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වුණා.

විදුලිය බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර දිවයින පුරා ආරක්ෂාව තර කිරීමට පොලීසිය සහ යුද හමුදාව කටයුතු කර තිබුණි.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බවයි ලංවිම පවසන්නේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා සඳහන් කළේය මේ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව යි.