ICC හි නවතම එක් දින සහ 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
එහි දී ඉන්දියාව 20 යි 20 ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 17,543ක් සහ එක් දින ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 6,640ක් ලබා ගෙන තිබෙනවා.
එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාව සහ තෙවන ස්ථානය දකුණු අප්‍රිකාව දිනා ගෙන ඇති බව වාර්තා වෙනවා.
20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල දෙවන සහ තෙවන ස්ථාන පිලිවෙලින් එංගලන්තයට සහ නවසීලන්තයට හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම 20 යි 20 ශ්‍රේණිගත කිරීම්වල 8වැනි ස්ථානයේ සහ එක්දින ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ පසු වනවා.
දැනට ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වලද පළමු තැන හිමි වී තිබෙන්නේ ද ඉන්දියාවට යි.

