ප්‍රදේශ රැසකම විදුලි සැපයුම යථා තත්ත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින් 80%ක් පමණ මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

එසේම ඉතිරි ප්‍රදේශ වල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා.