අද පස්වරු 5ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වුණා.
විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ බියගම සිට කොත්මලේ දක්වා විදුලිය රැගෙන යන අධි වෝල්ටීය රැහැන් පද්ධති 2ක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස විදුලි සැපයීමට බාධා එල්ල වී ඇති බවයි.
විදුලිය බිඳ වැටී ඇත්තේ එම අධි වෝල්ටීයතා රැහැන් පද්ධති 2ට සිදුවූ අකුණු සැර වැදීමකින් බවට විදුලිබල මණ්ඩලය සැක පළ කරනවා.
අද පස්වරු 6.30 පමණ වනවිට අදියර කිහිපයක් යටතේ කොළඹ ප්රදේශ කිහිපයක් ඇතුළු දිවයිනේ තවත් ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇතැයි වාර්තා වෙනවා.
එමෙන්ම අද රාත්රී 8 පමණ වනවිට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.


