කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයා ගැනිම හේතුවෙන් බාහිර සබඳතාවලින් හුදකලා කර තැබිමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ කටයුතු කළ මහනුවර අකුරණ ගම්මානය තවදුරටත් එලෙසින්ම පවතියි.
එමෙන්ම බණ්ඩාරගම අටළුගම ගම්මානයද තවදුරටත් බාහිර සබඳතාවලින් හුදකලා කර තිබේ.
ඒ අනුව මෙම ගම්මාන දෙක දින 2 ක් පුරා මෙලෙස බාහිර සබඳතාවලින් දුරස් කර පවතියි.
මේ අතර විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටි 321 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියේය.

