පෙර පාසල් ළමුන් අතර සීනි භාවිතයේ ඉහළ යෑමක්

මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි රස බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්නුම් කරනවා.

එහ දී අනාවරණය වී ඇත්තේ පෙර පාසල් යන වයසේ පසුවන දරුවන් දිනකට නියමිත ප්‍රමාණයට වඩා පස් ගුණයක් වැඩියෙන් සීනි අඩංගු ආහාර ලබා ගන්නා බවයි.

කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කළ බවයි මුල් ළමාවිය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ කියා සිටියේ.