Air Astana ශ්‍රී ලංකාවට ඍජු ගුවන් ගමන් අරඹයි

කසකස්ථානයේ නිල ගුවන් සේවය වන Air Astana ගුවන් සේවය අද සිට ශ්‍රී ලංකාවට ඍජු ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව සතිපතා ගුවන් ගමන් වාර හතරක් ක්‍රියාත්මක වන බවයි Air Astana ගුවන් සේවය සඳහන් කරන්නේ.

මෙම ඍජු ගුවන් ගමන් වාර කසකසතානය සහ ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අතර ක්‍රියාත්මක වනු ඇත.