පසුගිය සිකුරාදා දිනයේ සටන් විරාමය අවසන් කරමින් යළිත් ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර සටන් ආරම්භ වී තිබෙනවා.
ඊශ්‍රායල හමුදා අංශ සඳහන් කරන්නේ මේ වන විට සමස්ත ගාසා තීරය පුරාවටම ගොඩබිම් මෙහෙයුම් දියත් කරන බවයි.
ඒ අනුව ගාසා තීරයේ දකුණු සහ මධ්‍ය ප්‍රදේශයේ වූ ස්ථාන 20කින් පමණ වහාම ඉවත් වන ලෙස හමුදා අංශ විසින් පලස්තීන ජනතාව වෙත දැනුම් දී තිබෙනවා.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ වැසියන් 15,500කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

