ලබන වසරේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් තුනක් ජයග්‍රහණය කිරීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) හැකි වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් සහ චත්තිස්ගාර් යන ප්‍රාන්තවල බලය මෙලෙස භාරතීය ජනතා පක්ෂය හිමි කර ගෙන ඇති බවයි.
රාහුල් ගාන්ධි නායකත්වය දරන කොංග්රස් පක්ෂය සමත්ව ඇත්තේ දකුණු දිග තෙලන්ගානා ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට පමණි.
පස්වන ප්‍රාන්තය වන මිසෝරාම් හි ඡන්ද ගණනය කිරීමේ කටයුතු හෙට එනම් සඳුදා දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
නොවැම්බර් මාසයේ පැවති මෙම ඡන්ද විමසීමේ දී මිලියන 160කට අධික ජනතාවක් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබෙනවා.

