දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදි කිරීමේ සැලැස්මක්

මෙරට දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසනවා.

එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත අතර, 2026 වර්ෂයේදී එහි කටයුතු අවසන් කිරිමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විදුලි බලාගාරය ඉදි කිරීමට රුපියල් මිලියන 750ක මුදලක් වැය වන බව ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

එසේම මෙම නව බලාගාරයට මඟින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවක් ලබා දීමට හැකිවනවා.

මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10 ක ඉඩමක් ලබා දීමට අවශ්‍ය ගිවිසුම් පසුගිය දා අත්සන් කෙරුණු අතර ඒ මඟින් රුපියල් මිලියන 720 ක ආදායමක් හිමි වී ඇත.