වෛද්‍ය සැපයුම් අංශයට නව පත්වීම් දෙකක්

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර තිබෙනවා.

එසේම එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුදත් ධර්මරත්න මහතා පත් කර ඇත.