අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයකින් අයෙක් මරුට

ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන අසල පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Gérald Darmanin පවසා ඇත්තේ, ප්‍රහාරකයා අයිෆල් කුලුනට ආසන්නව පිහිටි Quai de Grenelle අවට සංචාරකයන් ඉලක්ක කර ඇති බවයි.

ප්‍රහාරයකයා 26 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු “අල්ලාහු අක්බර්” යනුවෙන් එනම් “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි” යනුවෙන් කෑ ගසා ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ ජර්මන් ජාතිකයෙක් වනවා.

2016 වසරේදී ද ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට වසර හතරක සිරදඬුවමක් නියම වී ඇති බවයි සඳහන් වෙන්නේ.