දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඒ අද දෙවන දිනටත් ප්‍රකාශක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී යි.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනාව යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් මොහුට නියෝග කරනු ලැබුවා.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණියා.

එහි දී ඔහු ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි