චීන ව්‍යාජ ගිණුම් රැසක් Meta සමාගම විසින් ඉවත් කරයි

Facebook, Instagram වැනි Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය වල පවතින චීන ව්‍යාජ සහ නොමඟ යවන සුලු ගිණුම් රැසක් ඉවත් කිරීමට කටයුතු කළ බව Meta සමාගම පවසනවා.

අදාළ ගිණුම් ඇමරිකානුවන් ලෙස පෙනී සිටිමින් ඇමරිකාව සහ චීනය අතර ඇති සබඳතා විවේචනයට ලක් කරමින්, දෙපාර්ශවය අතර බෙදුම්වාදී මත පැතිරවීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ගිණුම් ලොව පුරා සිටින අනෙකුත් පරිශීලකයන්ගේ ඡායාරුප සහ දත්ත ආදිය භාවිතා කරමින් සකසා තිබෙනවා.

එසේම ඒවා පොස්ට් හුවමාරු කරමින් සහ අනෙක් අයගේ පොස්ට් වලට likes කරමින් සක්‍රිය ලෙස පැවති ගිණුම් වන අතර Meta සමාගම සඳහන් කර තිබෙන්නේ එම තොරතුරු බොහොමයක් X හෙවත් පෙර Twitter හරහා ලබා ගෙන ඇති බවයි.

Meta විසින් පසුගියදා එහි සමාජ මාධ්‍ය සමබන්ධයෙන් නිකුත් කරන ලද ත්‍රෛමාසික වර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා.