ලංකා ඛනිජ තෙල් සමාගමේ සහ IOC මිල ගණන් වලට සාපේක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට සිනෝපෙක් සමාගම ද තීරණය කර තිබෙනවා.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 346කී.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 426ක් වන අතර එය රුපියල් 3කින් වැඩි වී තිබෙනවා.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 27කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 329ක් වනවා.
එසේම සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 434ක් අතර එය රුපියල් 3කින් ඉහළ දමා තිබෙනවා.

