2023 වසරේ ගත වු කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 21,000කට ආසන්න වටිනාකමිකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
එහි දී රුපියල් මිලියන 17,887ක වටිනාකමකින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 715යි ග්‍රෑම් 509ක තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
කේරල ගංජා කිලෝග්‍රෑම් 3641යි ග්‍රෑම් 15ක් සහ දේශීය ගංජා කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 288ක තොගයක් ද සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 1,456ක් වන බවයි සඳහන්.
එසේම රුපියල් මිලියන 95ක වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 755ක තොගයක්ද, රුපියල් මිලියන 1,127ක වටිනාකමින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 140යි ග්‍රෑම් 993ක තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයින් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර මෙරට පුද්ගලයින් 215 දෙනෙකු ද මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා මත මේ වසරේ ගත වූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ විදෙස් ජාතිකයින් සතු බෝට්ටු 03ක් සහ මෙරට පුද්ගලයින් සතු බෝට්ටු 43ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

