W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අදාළ සමාගම් දෙක හිඟ බදු ගෙවීමට කටයුතු නොකිරීම හේතුවෙනි.
මීට පෙර නිෂ්පාදන කටයුතු අත්හිටුවීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව පසුගිය සෙනසුරාදා වන විට හිඟ බදුවලින් කොටසක් ගෙවීමට අදාල සමාගම් එකඟතාවය පළ කර තිබුණා.
කෙසේවෙතත් එම සමාගම් විසින් එදිනට පෙර බදු මුදල් නොගෙවීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන කටයුතු අත්හිටවූ බවයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාර සිංහ ප්‍රකාශකර සිටියේ.

