නීති කැඩූ 1167 අත්අඩංගුවට

අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේ​ය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන 260 ක් ද මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන 1,293 ක් වන බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ඒ සදහා යුද හමුදාව ද සහය ලබා දී ඇත.