විදුලි බිලටත් රීලෝඩ් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී යෝජනා කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ එවිට ජනතාවට අවශ්‍ය නම් පමණක් රීලෝඩ් එකක් දමාගෙන විදුලි බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.
එසේම පාරිභෝගිකයන් විසින් විදුලිය භාවිතා කිරීමට පෙර ඊට අදාළ ගාස්තුව ගෙවන බැවින් මෙම රීලෝඩ් ක්‍රමවේදය විදුලි බල මණ්ඩලයටත් යහපත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ආදායම කුමක් වුවත් විදුලි බිල රටේ සියලු දෙනාට බලපාන ප්‍රශ්නයක් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

