එළඹෙන 2024 වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා.
එම මැතිවරණ වලින අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ද කටයුතු යොදන යොදන බවයි හෙතෙම පැවසුවේ.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළා.
“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.”
“මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.”

