ගාසා නගරයේ විශාලතම රෝහල වන Al-Shifa රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.
රෝගීන් 650 කට වැඩි සංඛ්‍යාවක්, වෛද්‍ය කාර්ය මණ්ඩලය 500 ක් සහ අවතැන් වූවන් 5,000 ක් සිටින අල්-ෂිෆා හි තත්වයන් මේ වන විට ඛේදජනක බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායල යුද ටැංකි විසින් රෝහල වට කර ඇති අතර තවමත් ඊශ්‍රායල සෙබළුන් Al-Shifa රෝහල තුළ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ හේතුවෙන් රෝහල තුළ සිටින පුද්ගලයන් කිසිවෙක්ට එක් ගොඩනැගිල්ලකින් තවත් ගොඩනැගිල්ලක් වෙත ගමන් කර නොහැකි අතර රෝහල තුල එකිනෙකා අතර සන්නිවේදනය ද බිඳ වැටී තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 11,400කට අධික පලස්තීන වැසියන් ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

