ලබන වසරේ සිට VAT අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බව විපක්ෂයේ මන්ත්රීවරුන් පෙන්වා දෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ කියා සිටියේ ඉදිරියේ දී ජනතාවට ජිවත්වීමට නොහැකි වී යන බවත් ලබන වසරේ දී ඉන්ධන මිල 10 % කින් වැඩිවන බවත්ය.
එසේම ඩිසල් සහ පෙට්රල් මිලටත් වැට් බද්ද පැනවුනහොත් ඩිසල් සහ පෙට්රල් මිල රුපියල් 420 ක් ලෙසට ඉහළ යන බවට අපේක්ෂා කළ හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන සඳහන් කළේ.
අද පැවති අයවැය විවාදයට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.

