කෝලි සිය 50 වැනි ශතකය වාර්තා කරයි

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එය ඔහු එක්දින ක්‍රිකට් තරඟයක දී රැස් කළ 50වන ශතකය වනවා.

ඒ අනුව ඔහු මෙතෙක් සචින් තෙන්දුල්කාන් සමඟ සම වෙමින් තැබූ එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ගේ වාර්තාව හුදෙක් තමා පමණක් සතු කර ගැනීමට සමත් වුණා.

විරාත් කෝලි සිය ශතක 50, ඉනිම් 279කින් සම්පූර්ණ කරනු ලැබුවා.

එසේම විරාත් කෝලි එක්දින ලෝක කුසලානයක වැඩිම ලකුණු රැස්කළ සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ දැමීමට ද අද සමත් වුණා