අපි හැමෝම කැමතියි අපේ කාර්යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපේ පවුලේ අය යාළුවො එක්ක ටිකක් කාලය ගත කරන්න. ඉතින් ගොඩක් අයට එයාලගේ වැඩ රාජකාරි නිසා දවස් තුන හතරක ලොකු දිග ට්‍රිප් එකක් යන්න වෙලාවක් වෙන් කර ගන්න අමාරුයි. ඉතින් එහෙමයි කියලා විනෝද වෙන්නේ නැතිව ඉන්න බැහැ නේ නේද, අපි ඔන්න අද ඔයාලට අරන් ආව ඔයාට දවසේ ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් one day trip එකක් විදිහට ගිහින් එන්න පුළුවන් ලංකාවේ තියෙන ලස්සනම තැන් 10ක්.
මේ ලිස්ට් එකේ ලංකාව වටේම තැන් තියෙන නිසා ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ඊළඟ ට්‍රිප් එකට තෝර ගන්න අනිවාර්යයෙන් තැනක් තියෙයි.
1. පොල්හේන මුහුදු වෙරළ – මාතර
ඉතින් ඔයා මාතර හෝ ඒ අවට ඉන්න කෙනෙක් නම් දවසේ ට්‍රිප් එකක් යන්න කියාපු තැනක් තමයි පොල්හේන beach එක කියන්නේ. ගොඩක් ගැඹුරු නැති ඒවගේම සැර රැල්ලකුත් නැති මේ වෙරළ තීරය කිමිදෙන්න, මුහුදේ පිහිනන්න අපූරු තැනක්. ඔයා හවස් වෙනකම් වෙරළේ ඉන්නවා නම් ඔයාට ඉර බසින ආකාරයත් ගොඩක් ලස්සනට පොල්හේන වෙරලේ ඉදන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පොල්හේන වෙරළට ආවොත් පරවී දූපත බලන්න බෝට්ටු සංචාරයක් යන්න වගේම, ලස්සනම ලස්සන කැස්බෑවෝ සහ කොරල් පරත් බලන්න අමතක කරන්න එපා.

2. අම්බුළුවාව – ගම්පොළ
මුහුදු මට්ටමේ ඉදන් අඩි 3,567ක් ඉහළින්, ගම්පොල පිහිටා තියෙන මේ ලස්සනම ලස්සන අම්බුළුවාව ඔයාට වෙනස්ම විදිහේ අත්දැකීමක් එකතු කරනවා නොඅනුමානයි. මීටර 48ක් උස මේ tower එක සීතල හුලං මැද්දේ නගිනවා කියන්නෙම හරිම අපූරු දෙයක්. ඔයාට ටිකක් උඩට යනකොට අවට පරිසරය වගේම අහසත් හරි ලස්සනට පෙන්වා. උඩටම ගියාම ඔයාට නකල්ස් කඳුවැටිය ත් බලන්න පුළුවන්. ඉතින් මේ අම්බුළුවාව නම හැදිලා තියෙන හැටි ගත්තොත් අතීත සිංහල භාෂාවෙන් අම්බු කියන්නේ නෙලුම් මලට. ඒවගේම උළුවා කියන්නේ ලෝකයට. ඉතින් නෙලුම් මලක් පිපෙනවා වගේ ලෝකයේ සාමය උදා වෙන එක සංකේතවත් කරන්න තමයි මේ අම්බුළුවාව ස්තුපය මේ හැඩයෙන් හදලා තියෙන්නේ.

3. Brief Garden – අලුත්ගම
ඔයා ඔයාගේ නිවාඩු දවස ලස්සන පරිසරයක calm එකේ ගත කරන්න කැමති නම්, අලුත්ගම තියෙන brief garden එක ඒකට හොඳම තැනක්. ලස්සන කොළ පාට පරිසරයන් එක්ක, එක එක වර්ගයේ ගස් සහ මල් ඔයාට මෙතන දී බලන්න පුළුවන්. ඒ වගේම තමයි පාට පාට සමනල්ලු, කුරුල්ලෝ සහ තවත් ගොඩක් පුංචි පුංචි සත්තුත් මේ උද්‍යානයේ ඉන්නවා. මේකේ ඇවිදින්න තියෙන පරිසරයත් ගොඩක්ම ලස්සනයි. ඔයාගේ කාර්යබහුල ජිවිතයෙන් ඈත් වෙලා පරිසරය එක්ක ඉන්න පුළුවන් අපූරු තැනක් තමයි මේක ඉතින්.



4. Water Rafting – කිතුල්ගල
ඔන්න ඔයාට පරිසරයත් එක්ක ඉන්න ගමන් ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් ගන්න ඕනි නම් කිතුල්ගල Water Rafting යන එක තමයි ඔයාට හරියනම ට්‍රිප් එක. කැළණි ගඟෙන් එන සීතල වතුරේ බෝට්ටු පදින්න, එක එක තරඟ වලට සහභාගී වෙලා විනෝද වෙන්න ඔයාට පුළුවන්. ඉතින් මේ rafting season එක හැම අවුරුද්දකම මැයි ඉඳන් ඔක්තෝම්බර් වෙනකම් තිබුණත් වතුරේ සැර අනුව ඔයාට අවුරුද්දේ ඕනෑම කාලෙක Water Rafting කරන්න යන්න පුළුවන්. සාමාන්‍යයයෙන් මේ rafting ට්‍රිප් එකක් පැය 03ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒ කාලේ ඇතුලත ඔයාල කැළණි ගඟේ කිලෝමීටර 15ක වගේ දුරක් ගමන් කරනවා.

5. ගාලු කොටුව – ගාල්ල
යුනෙස්කෝ ලෝක උරුමයක් ද වෙන ගාලු කොටුව දකුණු පළාතේ තියෙන සංචාරය කරන්න ලස්සනම ඓතිහාසික වැදගත්කමකින් යුතු තැනක්. 16 වන සියවලේ දී පෘතිගිසින් විසින් ඉදි කළ මේ ගාලු කොටුව ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්වල දී විවිධ වෙනස්කම් වලට ලක් වෙලා තමයි දැන් මේ තියෙන ආකාරයට හැඩ ගැහිලා තියෙන්නේ. ඉතින් ඒ ඓතිහාසික ස්මාරක වගේම ගාලු කොටුව අවටත් ඔයාලට මේ ට්‍රිප් එකේ දී ගොඩක් ඇවිදින්න පුළුවන්. විශේෂයෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය දිනා ගන්න ඒ අවට එක එක ආකාරයේ කඩවල් සහ තවත් විනෝද අංග දැන් සැකසිලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනි ඉර බැහැ ගෙන යනකොට ඉන්න ලස්සනම තැනක් තමයි මේ ගාලු කොටුව.

6. රිදියගම සෆාරි
සාමාන්‍ය සත්වෝද්‍යානයකට වඩා ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් තමයි හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය කියලා කියනේ. අක්කර 500ක වගේ භුමියක පැතිරිලා තියෙන මේකේ ලංකාවේ දේශීය සතුන් වගේම පිටරටින් ගෙනාව සතුනුත් බලා ගන්න පුළුවන්. ඉතින් මන් කිව්වනේ මේක අනෙක් zoo වලට වඩා ටිකක් වෙනස් කියලා, මේකේ සත්තු එළිමහනේ තමයි ඉන්නේ. එයාල නිදහසේ මේ උද්‍යානය පුරාම ඇවිදිනවා. මේ උද්‍යානය විසින් ලබා දෙන open top jeeps වලින් ගිහින් ඔයාලට මේ සතුන්ව බලන්න පුළුවන්. සිංහයන්, අලින්, සීබ්‍රා, ජිරාෆ් වගේ ගොඩක් පරාසයක සත්තු ගොඩක් මේකේ ඉන්නවා.


7. හම්බන්තොට කුරුළු උයන
හම්බන්තොට තියෙන තවත් ලස්සන තැනක් තමයි කුරුළු උයන කියන්නේ. අක්කර 35ක භුමි ප්‍රමාණයක විහිදිලා තියෙන මේකේ විශේෂ 180කට වැඩි ප්‍රමානයකට අයත් කුරුල්ලන් 3,000ක් පමණ ඉන්නවා. ඒ ඒ පරිසර කලාප අනුව මේකේ කොටස් වෙන් කරලා තියෙනවා. ඒ නිසා ඔයාට ලෝකේ ගොඩක් පැති වල ඉන්න කුරුල්ලෝ ගොඩක් මෙන්න මේ කුරුළු උයනට ගියොත් බලා ගන්න පුළුවන්. ඔයාට කුරුල්ලෝ බලන්න වගේම කුරුල්ලන්ට කෑම දෙන්න, එයාල ගැන අධ්‍යනය කරන්නත් මෙතන හොඳ තැනක්.

8. තල්පේ beach – ගාල්ල
ගාල්ල තියෙන තවත් ලස්සන ඒ වගේම සන්සුන් වෙරල තීරයක් තමයි තල්පේ මුහුදු වෙරල කියලා කියන්නේ. පිහිනන්න වගේම surf කරන්න, bodyboarding කරන්නත් කියාපු තැනක් තමයි තල්පේ beach කියන්නේ. ඒ වගේම තමයි ඔයා හරි කාලේ ආවොත් ඔන්න ඔයාට තල්මසුන් දැක බලා ගන්නත් මේ තල්පේ beach එකේ ඉඳන් පුළුවන් වෙනවා. ඔයා ගාලු කොටුවේ යන්න plan කරනවා නම් එතන ඉඳන් කිලෝමීටර 10ක වගේ දුරකින් තමයි මේ තල්පේ beach එක තියෙන්නේ. ඉතින් ඔයාගේ නිවාඩු දවස ලස්සනට ගත කරන්න ඔයාට මේ තැන් දෙකටම සංචාරය කරන්න යන්න පුළුවන් එකම ට්‍රිප් එකකින් වුණත්.


9. Bellwood – නුවර
පුංචි නවසීලන්තය කියලා හඳුන්වන මේ ලස්සනම පරිසරය පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. තේ වතු, ලස්සන කොළ පාට බිම් වගේම ලස්සන resorts ගොඩක් මෙහෙ තියෙනවා. ඔයාට වෙන රටකට ගියා වගේ සුන්දර luxury අත්දැකීමක් bellwood වලට ගියොත් ගන්න පුළුවන්. පොඩ්ඩක් කට්ටිය එක්ක ඇවිදින්න bellwood කියන්නේ ලස්සන තැනක්. ඔයාට bike ride එකක් වුණත් මේකේ දාන්න පුළුවන්. ඔයාල උදේම ගියොත්, එහෙම නැත්නම් සීතල දවසක ගියොත් නම් කොළ පාට අතරින් ලස්සන මීදුමක් බලා ගන්නත් පුළුවන්.


10. දුම්බර කළුවල – ඉංගිරිය
මීටර 20ක් වගේ උස දුම්බර කළුවල දියඇල්ල ඉංගිරිය ප්‍රදේශයේ පිහිටලා තියෙන ලස්සන සංචාරක ස්ථානයක්. ඔයාට මේකට ගියොත් ලස්සන පරිසරයක් අත්විදින්න පුළුවන් වගේම හිතට නිදහසේ කාලය ගත කරන්නත් පුළුවන්. මේ දිය ඇල්ලේ ඇලි දෙකකින් හැදිලා තියෙනවා, පලවෙනි ඇල්ල මීටර් 10ක් උස එකක්. දෙවෙනි එක මීටර් 5ක් උස ඇල්ලක්. මේ ඇලි දෙක වැටිලා පහළ ලස්සන pool එකක් හදනවා. ඉතින් මේ ඇල්ල බලන්න යන සංචාරකයන්ට මේ pool එකේ නාන්න විනෝද වෙන්න පුළුවන්. නොවැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකම් කාලය මේ දියඇල්ල බලන්න වඩාත් සුදුසුයි කියලා තමයි කියන්නේ.

ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් මේ තැන් වලට ගිහින් බලන්න. ඔයාගේ හිතට ගතට හොඳ වෙනසක් දැනෙයි.
ඔයා මේ මොන තැන ගියත් අනිවාර්යයෙන් කල්පනාවෙන් ආරක්ෂාකාරී ව විනෝද වෙන්න අමතක කරන්නේ එපා. ඒ වගේම මේ තැන විනාශ නොකර, ඔයා අරන් යන පොලිතීන් වගේ දේවල් ආයෙමත් ඔයා එනකොට ගේන්නත් අමතක කරන්න එපා.

