සියලු දීමනා ලාභීන්ට සුබ ආරංචියක්

මෙවර අයවැය හරහා රජය විසින් ලබා දින සියලුම දීමනා ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ද, ආබාධ සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 5000 සිට 7500ක් දක්වා ද ඉහළ යනු ඇත.

එසේම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 2500කින් ඉහළ දමා ඇති අතර එත් සමඟම එම දීමනාව රුපියල් 6025ක් වනු ඇත.

රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ද රුපියල් 10,000කින් වැඩිකිරීමට නියමිතව තිබෙනවා.

තවද ලබන වසරේ සිට රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීමද සුපුරුදු පරිදි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.