2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙවර අයවැයෙ හි ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් වන අතර පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 5,334ක් වෙන්කර තිබෙනවා.
එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,225ක් වෙන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පස්වරු 6ට පැවැත් වේ.
එසේම අය වැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර අයවැය වාර්තාව සකස් කිරීමේ අවසන් කටයුතු සහ එය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසේ දී ඊයේ (12) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.
මෙවර අයවැය අභියෝගාත්මක ඇයවැයක් වනු ඇති බවයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙන්නේ.

