ශ්‍රී ලංකාවට 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට තිබු අවසන් අවස්ථාව අහිමි වී තිබෙනවා.
2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගන්නවාද නැද්ද යන තීරණයට සෘජුව බලපාන තීරණාත්මක තරගයක් ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැත්වුණි.
එම තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ අනුව ක්‍රිකට් ඉතිහායේ පළමුවරට ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම නොමැතිව 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය පැවැත්වෙනු ඇත.
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව තරග 2 බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටියද බංග්ලාදේශ කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව අභිබවා බංගලාදේශය එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

