ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරනවා.

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 3.4ක ප්‍රබලත්වයකින් යුතු සුළු කම්පනයක් වනවා.

අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී තිබෙනවා.