ආයතන 05කින් රුපියල් මිලියන 925ක වාර්ෂික ලාභාංශයක්

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීතිබෙනවා.

එලෙස ලාභ ලබා දුන් ආයතන සහ ඒවා ලබා දුන් ලාබය පහත පරිදි වේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය – රුපියල් මිලියන 350ක්
සීමා සහිත ලංකා පෝස්පේට් සමාගම – රුපියල් මිලියන 300ක්
BBC සමාගම – රුපියල් මිලියන 100ක්
ජාතික ලුණු සමාගම – රුපියල් මිලියන 100ක්
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව – රුපියල් මිලියන 75ක්