ලොව ප්‍රථම වරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීමේ සාර්ථක සැත්කමක් ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර NYU Langone Health රෝහලේ දී සිදු කර තිබෙනවා.
2021 ජුනි මාසයේදී වෝල්ට් 7,200ක විදුලි සැර වැදීමකින් සිය මුහුණ සහ වම් ඇසෙ විශාල තුවාල ලද ආරොන් ජේම්ස් නැමති 46 හැවිරිදි පුද්ගලයෙකු සඳහා මෙසේ ඇසක් බද්ධ කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු සඳහන් කරන්නේ තවමත් බද්ධ කරන ලද ඇසෙහි කිසිදු චලනයක් නොමැති වුවත්, ඔහුට දැන් සංවේදනයක් ලැබෙන බවයි.
මෙම සත්කමෙහි ප්‍රධානියා වන වෛද්‍ය එඩ්වාඩෝ රොඩ්රිගස් පැවසුවේ මෙම සැත්කම හරහා පෙනීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වුවත්, ඉදිරියේ දී එවැන්නක් සිදු කිරීමට මෙය විශාල පියවරක් වනු ඇති බවට කිසිදු සැකයක් නොමැති බවයි.
මුහුණ ආශ්‍රිතව අවයව බද්ධ කිරීම් ඉතා අවදානම් සහගත වන අතර සම්පූර්ණ ඇමරිකාවෙන් ම මෙලෙස මේ ආකාරයේ සැත්කමක් සිදු කළ 19 වන පුද්ගලයා ජේම්ස් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

