වස්කඩුවේ හෝටලයක් නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දෙයි

“වස්කඩුව සිට්රිස්” ආයතනයේ කළමණාකාරීත්වය විසින් තම සංචාරක හෝටලය නිරෝධායක මධ්‍යස්ථානයක් සඳහා ලබා දී තිබෙනවා.

ආයතනයේ කළමණාකාරීත්වය විසින් මේ පිළිබඳ කෝවිඩ් -19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට මේ පිළිබඳව දන්වා තිබෙනවා.

වස්කඩුව සිට්රිස් සංචාරක හෝටලය කාමර 150කින් යුක්තයි.

පවතින ජාතික අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් තමන් මෙම තීරණය ගත් බවයි එම ආයතනයේ කළමණාකාරීත්වය සඳහන් කරන්නේ.

තම පිරිනැමීම පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුවත් කිරීමට පියවර ගත් බවයි සංචාරක හෝටල කළමණාකාරීත්වය සඳහන් කර ඇත්තේ.