රොබෝ කෙනෙක් ගේ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රොබෝ යන්ත්‍රයක පහර දීමක් හේතුවෙන් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව කොරියාවේ Yonhap ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම පහරකෑම සිදු වී තිබෙනවා.

රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහු ගේ මුහුණ සහ පපුව කුඩු කර දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මාර්තු මාසයේදී ද වාහන අමතර කොටස් නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී රොබෝවරයෙකුට හසුවීමෙන් 50 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු බරපතල තුවාල ලැබුවා.

.