තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය දියත් කෙරුණා.
සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්ර කිරීමට කටයුතු කරන බවයි පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

